top

Sunday, May 12, 2013

ඕනෙම මංගොච්චියක සිංග්ලිශ් ටයිප් කොරන්ට...


කොම්පීටරේ ඕනෙ තැනක සිංග්ලිශ් ටයිප් කොරන්ට ඉස්සර කාල් මංගොච්චි කොරේ විජේසේකර කී බෝඩිය නොවැ, ඒ වුනත් බොලංට ඒකෙ අකුරු හොයන්ට ගියාම පොළේ පස් කන්ට හිතෙන්ට ඇති නෙහ් ??

තවත් ඉතිං පොළේ පස් කන්ට කාරි නෑ.මධුර මහත්තයා හදපු ආර් සිංග්ලිශ් සොෆ්ට්වෙයාරියේ පිහිටෙන් දැන් ඉතිං ඇති පදමට සිංහල ටයිප් කරෑකි.මෙන්ට බාගන්ට ලින්කුව.



ඔය පොජ්ජ ඉන්ස්ටෝල් පොජ්ජ කොරාට පස්සේ ටාස්ක්බාර් එකේ සළකුණක් මංගොච්චි වෙයි.ඒක කිලික් කොරලා Help Guide එකට මංගොච්චි වෙයන්කෝ.එතනින් බොලාට ඕන අකුරක් ලියාගන්ට ඉගෙනගන්ට පුලුවන්.තවත් කාරණයක් තියෙනවා නොවැ.ඔය සොෆ්ට්වෙයාරිය දැම්මට පස්සේ සිංහල වලින් ඉංග්‍රීසි වලට මාරුවෙන්නත් ඉංග්‍රීසි වලින් සිංහල වලට මාරු වෙන්නත් scroll lock කියන බටොන් එක ඔබන්ට නොවැ තියෙන්ටේ.(ඒ බටොන් එක තියෙන්නේ මැද හරියේ ඈ)

ඕක තමා ඉතිං විස්තොරේ.කරලම බලහල්ලකෝ.විජේසේකරියට වඩා නම් ඕක දහස් ගුණයක් හොඳ විත්තිය බොලාට තේරෙයි.(අපහාසයට නෙවෙයි හොඳේ)

බාගෙන නිකං යන්ට එපා බොලවුනේ.. කොමෙන්ටුවකුත් මංගොච්චි කොරහල්ලා.අවසාන වශයෙන් මධුර මහත්තයටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ වගේ හෙන සිරා සොෆ්ට්වෙයාරියක් හැදුවට.දැන් ඉතිං ගොහිං එඤ්ඤං හොඳේ...

0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...