top

Sunday, May 12, 2013

මොලේ කොලොප්පං කරන්ටෙයි ??



හොයාගත්තා.. හොයාගත්තා..මෙන්න අලුත් පොජ්ජක් හොයාගත්තා.බොලා දැනං හිටියද උඹේ මොලේ වැඩියෙන්ම වැඩ කරන්නෙ වම් පැත්තද දකුණු පැත්තද කියලා ?? මෙන්ට ඕක හොයාගන්ට ක්‍රොමයක්.




මේ ලින්කුවේ තියෙන gif image එකේ ඉන්න ගෑණු ළමිස්සී කැරකෙන්නෙ මොන පැත්තටද කියලා බලහංකෝ.වම් පැත්තට කැරකෙනවා වගේ පේනවා නම් ඒ කියන්නේ උඹේ මොලේ වැඩියෙන්ම වැඩ කරන්නේ වම් පැත්ත කියන එක නොවැ.ඒ වගේම දකුණු පැත්තට කැරකෙනවා වගේ පේනවා නම් බොලාගෙ මොලේ දකුණු පැත්ත තමා වැඩියෙන්ම වැඩ කොරන්ටෙ.දැං ඉතිං කලබෙල වෙන්ට කාරියක් නෑ.ඕවෙ තේරුම් මෙහෙමයි.

කැකුළගෙ මොලේ වම් පැත්ත වැඩියෙන් වැඩ කොරනවා කියන්ටේ බොලා
1.හරිම තාර්කිකයි
2.බැරෑරුම් විදිහට හිතනවා
3.අංක ගණිතය පිළිබදව විශේෂ ඇල්මක් දක්වනවා
4.ඒ වගේම යම් කිසි භාෂාමය හැකියාවකුත් තියෙනවා

කැකුළගෙ මොලේ දකුණු පැත්ත වැඩියෙන් වැඩ කරනවා කියන්නේ උඹ
1.හැඟීම් දනවන සුලුයි
2.නිර්මාණාත්මකයි
3.සංගීතයට නැඹුරුවක් දක්වනවා
4.වර්ණ හා පිංතූර සම්බන්ධයෙන් හැකියාවක් තියෙනවා
5.ඒ වගේම හැඟීම් කියවීමේ හැකියාවකුත් තියෙනවා.

0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...