top

Saturday, April 28, 2012

ගිනි නරියාගෙන් වීඩියෝ පොජ්ජක් බාගන්නෙ මෙහෙමයි.



ඕන්න ඉතිං වීඩියෝ බාගන්ට බැරුව තටඹන එවුන් වෙනුවෙන් තමයි මේ ලිපියත්.ඉස්සෙල්ලා මං කිව්ව ක්‍රමේ අමාරු බංග වැඩක් කියලා හිතෙනවනං මක් කොරන්ටැයි.මේකවත් ට්‍රයි ද මොකක්ද කියන එක කොරල බලහන්කො.



ගිනි නරියා පාවිච්චි කරන ඇත්තන්ට මේ ලින්කුවෙන් ගිහිල්ලා ෆාස්ට් වීඩියෝර් ඩවුන්ලෝඩ් කියන ඇඩ්-ඕන් එක බාගන්ට විතරයි නොවැ තියෙන්නෙ.


                              මෙතැන කොටා ගන්ටකෝ


ඊට පස්සේ ගිනි නරියගෙ දකුණු පැත්තෙ උඩ කෙළවරේ fvd කියලා දම් පාට බටොන් එකක් ඇති.වීඩියෝවක් බල බලා ඉන්නකොට ඔය බටොන් එක වෙසක් වගේ පත්තු වෙන්න පටන් ගන්නවා නොවැ.තවත් බල බලා ඉන්ටෙ නැතුව ඒක කිරික් කොරන්ට.ඊට පස්සෙ වීඩියෝවට  පාත් එකක් දීලා සේව් කොරන්ට කියන්නකෝ.


වැඩේ හරි, ගින්දර වාගෙ වීඩියෝ බා ගන්ටයි තියෙන්නෙ.
කමෙන්ට් පොජ්ජක් එහෙම කොටාබාන්න අමතක කොරන්ට එපා හොඳේ !!

1 කොමෙන්ටු:

  1. SM කැකුලාFebruary 1, 2013 at 7:47 AM

    අදමයි මේකට ආවෙ. පට්ට බ්ලොග් පොජ්ජක් නොවැ. අපූරුයි. මමත් මේ බැද්දෙ හිටං internet පොජ්ජ මන්ද කර ගන්නෙත් හරි අමාරුවෙන් .ඉතිං මේ වගේ වැදගත් add-on පොජ්ජක් ගැන කිව්වට ඔය හූරාට ගොඩාක් ඉස්තූතියි ඕං.

    ReplyDelete

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...